Announcements

ඔබට උපකාරවත් තොරතුරු

GLOBE වැඩසටහන ක්‍රියාත්මක කිරිම - මඟපෙන්වීමක්

  1. හැඳින්වීම

GLOBE (Global Learning and Observation to the benefit of Environment) ජාත්‍යන්තර පරිසර වැඩසටහනකි. විද්‍යාත්මක හා පරිසරය සම්බන්ධ ලොව පුරා අධ්‍යයනය හා ගවේශනය කරන විවිධ ආයතන, විද්‍යාඥයින්, විශේෂඥයින්, ස්වේච්ඡා සංවිධාන, පුද්ගලයන්, පාසල්, විශ්ව විද්‍යාල, ගුරුවරුන් සහ පාසල් සිසුන් වැනි විවිධ පාර්ශව රැසක් එක්ව කටයුතු කරන වැඩසටහන කි. මොවුන් තනි තනිව හා කණ්ඩායම් වශයෙන් මෙහි කටයුතු කරන්නේ පර්යේෂණ, ව්‍යාපෘති, ගවේශන. අධ්‍යයන ක්‍රියාකාරකම් දත්ත රැස්කිරිම් වැනි විවිධ ක්‍රියාකාරකම් හරහා ය.

  1. GLOBE අරමුණු හා අපේ ජාතික අධ්‍යාපන අරමුණු

වැදගත්කම - පූර්ණ පෞරුෂ වර්ධනය සඳහා අවශ්‍ය විද්‍යාත්මක දැනුම, පරිසර පිළිබඳ යහපත් ආකල්ප, පරිසර නිපුණතා හා පුරුදු ඇති කිරීම

විෂය සමගාමී හා විෂයානුබද් ක්‍රියාකාරකම් වශයෙන් විද්‍යාව, ජීව විද්‍යාව, කාෂි විද්‍යාව වැනි විවිධ විෂය යටතේ ක්‍රියාත්මක කළ හැකි ය. එම විෂයවල විෂයානුබද්ධ නිපුණතා සඳහා  ප්‍රායෝගික එළඹුම් සංවර්ධනය සඳහා මහෝපකාරී වන බව සඳහන් කළ හැකි ය. අමතර වශෙයන් ගණිතය, තොරතුරු තාක්ෂණය සහ ඉංග්‍රීසි වැනි විෂයය වල නිපුණතා සහ අරමුනු සාධනය සඳහා ද උපකාරී වේ.

  1. පාර්ශවකරුවන් හා සහයෝගීතාව

අන්තර්ජාතික විද්‍යාත්මක වැඩසටහනක් බැවින් ලෝකයේ රටවල් 116 පමණ සම්බන්ධ වී සිටිති. ශ්‍රී ලංකාව ආසියා - පැසිපික් ප්‍රදේශය යටතේ සම්බන්ධකරණය වේ. අප රට පාසල් සමූහය ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශ්‍ය මගින් පරිපාලනය වේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් සම්බන්ධීකාරක හා සහාය සම්බන්ධීකාරක මේ පිලිබඳ  කටයුතු ඉටු කරති.

GLOBE වෙබ් අඩවිය යටතේ පාර්ශවකරුවන් වශයෙන් පාසල්වලට පර්යේෂණ හා ව්‍යාපෘති සහයෝගීතාවයට එළඹිය හැකි ය.

  1. ක්‍රියාත්මක කිරීමට සුදුසු පාසල්

ලාංකීය තත්ත්ව යටතේ වඩා පහසුවෙන් ද්විතියික අංශ සහිත පාසල්වල ක්‍රියාත්මක කළ හැකිය. (6 -11, 6-13 පන්ති සහිත පාසල්) ක්‍රියාකාරකම්වල සරල සහ සංකීර්ණ බව අනුව සුදුසු ශ්‍රේණි ඒවාට සම්බන්ධ කළ හැකි ය.

  1. ක්‍රියාත්මක කරන ආකාරය
  • ගුරුභවතුන් පුහුණුව ලබා ගැනීම හා GLOBE පාසල් වැඩසටහන ලියාපදිංචි කිරීම.
  • සිසුන් දැනුම්වත් කිරීම හා ක්‍රියාකාරකම් සඳහා පුහුණු කිරීම
  • පාසලේ වැඩසටහන් සඳහා සංවිධාන ව්‍යුහයක් පිහිටුවීම ග්ලෝබ් සමාජය, (GLOBE club) පිහිටුවීම හෝ දැනට ඇති පරිසර කව හා වැඩසටහන් හරහා)
  • කාලගුණික දත්ත ලබා ගැනීම, සටහන්කර ගැනීම හා වාර්තා කිරීම

ක්‍රියාකාරකම් (protocols) මගින් දත්ත ලබාගත හැකි අතර ලිඛිත දත්ත පවත්වා ගැනීම පළමු ව සිදුවේ. පාසල සඳහා අන්තර්ජාල දත්ත සැපයීම ඊළඟ අදියරයි. ස්ථානීය දත්ත හා විද්‍යාගාර දත්ත වශයෙන් ලබා ගත හැක.

  1. භෞතික සම්පත්

ක්‍රියාකාරකම් සඳහා විශේෂ උපකරණ අවශ්‍ය වන අවස්ථා ද පාසලේ පවතින සාමාන්‍ය විද්‍යා හා සෙසු උපකරණ භාවිතයෙන් ක්‍රියාත්මක කළ හැකි ක්‍රියාකාරකම් වේ. .පො.ස. (සා.පෙළ), .පො.ස. (.පෙළ) විද්‍යාගාර හා තාක්ෂණවේද විෂය සහිත පාසල්වල පවත්නා උපකරණවල බහුලතාවය මත විවිධ ක්‍රියාකාරකම් තෝරා ගෙන ක්‍රියාත්මක කළ හැකි ය.

  1. පහසුකම් සැපයීම

පුහුණුව හා දැනුම්වත් කිරීම අධ්‍යාපන අමාත්‍යාංශය ඍජු වගකීම් දරන හා පහසුකම් සැපයීම ක්‍රියාත්මක කරන ආකාර වේ. ගුරුභවතුන්ගේ සියලු දැනුම්වත් කිරීම හා පුහුණු කිරීම අමාත්‍යාංශය මගින් සිදු කෙරේ.

පුළුල් විද්‍යාත්මක හා න්‍යයික දැනුම හා තොරතුරු GLOBE වෙබ් අඩවිය පරිශීලනයෙන් ලබා ගත හැකි ය. විෂයානුබද්ධ මූල්‍ය පහසුකම් යටතේ අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පාසල්වලට උපකරණ සැපයේ. පාසල් මගින් වාර්ෂික අයවැය යටතේ ප්‍රතිපාදන සපයා ගත හැකි නම් මූලික උපකරණ කට්ටලයන් සපයාගත හැකි ය. පාසලේ පවතින ඉගෙනුම් උපකරණ මගින් ඉටු කළ හැකි සීමිත ක්‍රියාකාරකම් අඛණ්ඩව ඉටු කිරීමට දිරිමත් කෙරේ.

  1. සහය සහ සුසාධ්‍යකරණය

වැඩසටහන හා ක්‍රියාත්මක කිරීම සම්බන්ධව පහසුකම් සැපයීම හා ගැටලුවලට විසඳුම් සපයා දී සහය වීමට හා සුසාධ්‍යකරණය සඳහා පහත දැක්වෙන පුද්ගලයින් සිටී.

  • වැඩසටහන් සම්බන්ධීකාර
  • සහකාර/ සහ සම්බන්ධීකාරක
  • පුහුණුකරුවන්
  • කෘෂිකර්ම විෂයය සම්බන්ධීකාරක නිලධාරීන්

  1. සන්නිවේදනය

සහය හා සුසාධ්‍යකරණය සඳහා විවිධ සන්නිවේදන ක්‍රම පවත්වා ගත හැකිය.

  • පුද්ගල/ ආයතනවල හමුවීම්
  • දුරකථන ඇමතුම්
  • විද්‍යුත් තැපෑල
  • වෙබ් අඩවිය www.globe.gov.faq
  • සමාජ මාධ්‍ය ජාල භාවිතය යනාදිය

  1. සිද්ධි හා ක්‍රියාකාරකම් (Events)

දත්ත හා තොරතුරු වාර්තා කිරීමට අමතර ව වැඩසටහනේ ජීවමානභාවය හා අරමුණු යථා පරිදි ඉටු වීමට මේවා උපකාර වේ. විවිධ අත්දැකීම් හා ඒ පිළිබඳ තොරතුරු ලබා ගැනීමට එම ක්‍රියාකාරකම්වල යෙදීමට මෙහි අවස්ථාව තිබේ.

  • IVSS – International Virtual Science Symposium
  • Webinars - විවිධ මාතෘකා යටතේ
  • පර්යේෂණ - GLOBE දත්ත පාදක හා වෙනත් සැලසුම්ගත පර්යේෂණ
  • ව්‍යාපෘති - කාබන් cycle, Tree height,  Zika/ Mosquito protocol

  1. GLOBE හා ඔබගේ පාසල

මෙම වැඩසටහන යටතේ ඔබේ අධ්‍යාපන වපසරිය (GLOBE study site) පාසල කේන්ද්‍ර කර ගත් සමචතුරස්‍රාකාර 15km × 15km දිග පළල ඇති ප්‍රදේශයයි. මෙහි සීමා ඔබට Google සිතියම හෝ 1:50,000 සිතියමක් භාවිතයෙන් නිශ්චය කර ගත හැකිය. ප්‍රධාන අධ්‍යයන ක්ෂේත්‍ර හතර වන වායුගෝ අධ්‍යයනය, ජල විද්‍යා අධ්‍යයනය, පාංශු විද්‍යා අධ්‍යයනය සහ භූමි ආවරණ හා ජීව විද්‍යා අධ්‍යයනය සම්බන්ධ ක්‍රියාකාරකම් මේ ප්‍රදේශයට සීමා කළ යුතු වේ.

අදාළ සිතියම් හා රූපසටහන් සහිත පින්තූර හා ඡායාරූප සහිතව

  1. GLOBE අධ්‍යයන ක්ෂේත්‍ර
  • වායුගෝල අධ්‍යයනය - Atmosphere Study
  • ජල විද්‍යා අධ්‍යයනය  - Hydrosphere Study
  • පාංශු විද්‍යා අධ්‍යයනය - Pedosphere Study
  • භූමි ආවරණ හා ජීව විද්‍යා අධ්‍යයනය - Land cover and Biosphere study

GLOBE ගුරු මාර්ගෝපදේශය අනුව මේ අධ්‍යයන ක්ෂේත්‍ර යටතේ ඉටු කළ හැකි ක්‍රියාකාරකම් (protocols) රාශියකි. දේශීය තත්ත්ව යටතේ එක් එක් ක්ෂේත්‍ර යටතේ ඉටු කළ හැකි සරල ක්‍රියාකාරකම් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත්කර සංක්ෂිප්ත ග්‍රන්ථවලින් හඳුන්වා දී ඇත.  යම් අධ්‍යයන ක්ෂේත්‍රයක පරිසර ක්‍රියාකාරකම් හා අධ්‍යයනය සදහා නිශ්චිත නියැදි අධ්‍යයන ස්ථානයක් (Sample study site) පිහිටුවිය යුතු ය. ඒයට අදාළ පහත දැන්වෙන පොදු දත්ත ඒම ස්ථාන දත්ත ඇතුළත් කිරීමට ලියාපදිංචි කිරීම සදහා අවශ්‍ය වේ.

  • අධ්‍යයන ස්ථාන ආශ්‍රි භූගෝලීය පිහිටුම (GPS - Global Position System) 
  • ස්ථානීය සිතියම (Location map)
  • ස්ථානය ආශ්‍රිත ප්‍රධාන දිශා හතරෙහි ඡායාරූප
  • ඒ් අවට පරිසරය සම්බන්ධ විස්තර (Meta data)

භූගෝලීය පිහිටුම අනාවරණයේ දී ප්‍රායෝගික අපහසුතා ඇති විය හැකි ය. මෙම දේශාංශ (Longitude) අක්ෂාංශ (Latitude) ඛණ්ඩාංක ලබා ගැනීමේ විවිධ ක්‍රම ඇත.

  • GPS receiver
  • නවීන සුහුරු ජංගම දුරකථනයක් (Smart Phone) මගින්
  • Google Earth මගින්
    ​​​​​​​

    1. වායුගෝල අධ්‍යයන 

වායුගෝල අධ්‍යයන ස්ථානය අහස හොඳින් නිරීක්ෂණය වන විවෘත, නිරාවරණ ස්ථානයක් ආශ්‍රි ක්‍රියාත්මක ක හැකි ය. උදා: පාසල් ක්‍රීඩාපිටිය හා ඒ අසල ස්ථානයක්

වායුගෝල අධ්‍යයන ක්‍රියාකාරකම්

  • වළාකුලු අධ්‍යයනය - වළාකුලු වර්ග හා වැස්ම නිරීක්ෂණ මගින් ඉටු කෙරේ. මූලික පුහුණුව සඳහා පළමුව වළාකුළු සටහනක් (GLOBE cloud chart) සකසා ගත හැකිය.
  • ඒ අවස්ථාවේ උෂ්ණත්වය මැනීම සරල උෂ්ණත්වමානය මගින්
  • වර්ෂාපතනය මැනීම - සම්මත සටහන් නොවන වර්ෂාමානය මගින්
  • වර්ෂාපතනයේ pH අගය මැනීම pH දර්ශක කඩදාසි හෝ pH මාපකය මගින්
  • සාපේක්ෂ ආර්ද්‍රතාවය - Sling Psychrometer (Wet and Dry bulb Thermometer) මගින්
  • වායුගෝල පීඩනය මැනීම - නිර්ද්‍රව වායුගෝල පීඩනමානය මගින්

වායුගෝල අධ්‍යයන දත්ත දවසේ නිශ්චිත වේලාවක (Solar noon) දෛනික ව ලබාගත යුතු දත්ත වේ.


    1.  ජල විද්‍යා අධ්‍යයනය

පාසල ආසන්නයේ පයින් යා හැකි දුරක පිහිටි ජල මූලාශ්‍රයක් තිබේ නම් යෝග්‍ය වේ.

 මිරිදිය ජල මූලාශ්‍ර 

  • ඇළ දොළ
  • ස්වාභාවික පොකුණු
  • ජලාශ්‍ර හෝ වැව්
  • ගංඟා හෝ ඔයවල්

කරදිය ජල මූලාශ්‍ර

  • සාගර
  • මුහුදු
  • කළපුව හෝ බොක්ක​​​​​​​
  • වාරිමාර්ග ඇළ මාර්ග  

සතියකට වරක් දවසේ නිශ්චිත වේලාවේ රැස්කරනා ජල විද්‍යා දත්ත වේ.

ජල විද්‍යා අධ්‍යන ක්‍රියාකාරකම්

  • ජලයේ උෂ්ණත්වය
  • ජලයේ පාරදෘශ්‍ය තාවය
  • ජලයේ pH අගය
  • ජලයේ විද්‍යුත් සන්නායකතාවය (මිරිදිය ජලාශ සඳහා) කරදිය සඳහා නම් ලවණතාවය

ක්ෂේත්‍රයේ දී ඒ අවස්ථාවේ දී ම මේ පරීක්ෂණ කිරීම යෝග්‍ය අතර පහත අධ්‍යයන ක්ෂේත්‍රයෙන් ජල සාම්පල ලබාගෙන නිශ්චිත කාල පරාස තුළ පරීක්ෂණ කළ හැකි ය.

  • ද්‍රාව්‍ය  ඔක්සිජන් (Dissolved O2)
  • ක්ෂාරීයතාවය
  • නයිට්‍රේට්
    ​​​​​​​​​

    1. ​​​​​​​පාංශු විද්‍යා අධ්‍යනය

ප්‍රධාන වශයෙන් පාංශු අධ්‍යයනය ඛාණ්ඩ දෙක කි.

  1. පාංශු තෙතමන හා උෂ්ණත්ව අධ්‍යයනය

එකම අධ්‍යයන ස්ථානයේ දී සිදුකරන අතර සතිපතා පාංශු උෂ්ණත්වය ද මාසික ව පාංශු තෙතමනය ද මනිනු ලැබේ. මෙය වායුගෝලීය දත්ත ලබාගන්නා අධ්‍යයන ස්ථානයේ 100m අරය ඇති වපසරිය තුළ ඉටු කළ යුතු ය. සම්මත මූලික ආකෘති දෙක (Star pattern or Transect) ඒකක් පමණක් අනුගමනය කර මෙම දත්ත ඒම ස්ථානයෙන් ලබාගත හැකි ය.

  1. පාංශු ගුණාංග අධ්‍යයනය

පාංශු තෙතමනය හා උෂ්ණත්වය මනින අධ්‍යයන ස්ථානය සඳහා  භූමි ආවරණ හා ජීව විද්‍යා අධ්‍යායන ස්ථානය සඳහා  මෙම අධ්‍යයනය කළ යුතු යි. මෙම අධ්‍යයන ක්‍රියාකාරකම් දෙයාකාරය කි.  ඒනම් ක්ෂේත්‍ර පාංශු ගුණාංග පරීක්ෂාව සහ විද්‍යාගාර පාංශු ගුණාංග (Soil field characterization and soil lab characterization) පරීක්ෂාව යි.

ක්ෂේත්‍ර පාංශු ගුණාංග පරීක්ෂාව - මෙය සිදු කළ හැකි ක්‍රම කිහිපයක් තිබුණ ද ස්වභාවික හෝ නිරාවරණ කරගත් පාංශු ගැඹුර 1m ක් වන පාංශු පැතිකඩක් ඇසුරින් දත්ත සටහන් කීම පහසු ය. ඒහි  පහත සඳහන් ගුණාංග සොයා බැලිය යුතු ය.

  • පාංශු ස්ථර හා පිහිටි ගැඹුර
  • පාංශු වයනය
  • පාංශු ව්‍යුහය
  • පාංශු සංගතිය
  • පාංශු වර්ණය
  • පාෂාණ හා ශාක මුල් තිබීම
  • පාංශු කාබනේට්
  • වෙනත් ජෛවීය සාධක

ඒ ඒ පාංශු ස්ථරයේ ඉහත ගුණාංග දත්ත පත්‍රිකාවේ සටහන් කළ යුතු අතර විද්‍යාගාර ගුණාංග විශ්ලේෂණය සඳහා ඒ ඒ ස්ථරවලින් පස් නියැඳි තුන බැගින් ලබා ගත යුතු ය. මෙම නියැඳි පාංශු දෘෂ්‍ය ඝණත්වය මැනීම සඳහා උපයෝගී කරගෙන අනතුරුව උදුන් වියළි එම පස් සෙසු විශ්ලේෂණ හා  භාවිතා කළ යුතු යි.

  • පාංශු දෘෂ්‍ය  හා සත්‍ය ඝණත්වය
  • පාංශු වයනය - ද්‍රවමාන ක්‍රමය (Particle size distribution)
  • පාංශු pH අගය
  • පාංශු සරුබව (N, P, K පරාස)

පාංශු පැතිකඩක මෙම ක්ෂේත්‍ර ගුණාංග විශ්ලේෂණය හා විද්‍යාගාර ගුණාංග විශලේෂණය කළ යුත්තේ ක් වරක් පමණි.


    1. ​​​​​​​භූමි ආවරණ හා ජීව විද්‍යා අධ්‍යයනය

15km ×15km ක් වන GLOBE අධ්‍යයන ප්‍රදේශය සඳහා භූමි ආවරණ දර්ශ MUC වර්ගීකරණය කර භූමි ආවරණ සිතියමක් සැකසීමේ අවසාන ඉලක්කයයි. මේ සඳහා ඒ ඒ භූමි ආවරණ දර්ශ ආවරණය වන නියැඳි භූමි ආවරණ අධ්‍යයන ස්ථාන පිහිටුවා දත්ත ලබා ගනු ලැබේ. එසේ ලබා ගනුයේ භූමි ආවරණ දර්ශ සඳහා ජීව විද්‍යාත්මක දත්ත ලබා ගැනීමයි. මෙය පැහැදිළි වාර්ෂික කාලගුණ වෙනස්කම් සහිත ප්‍රදේශයක් නම් වසරට ඒක් වරකි. එසේ නොවන්නේ නම් එක් වරකි.මෙම අධ්‍යයනයේ ක්‍රියාකාරකම් :

  • භූමි ආවරණ නියැඳි ස්ථාන පිහිටුවීම
  • ජීවමිතික අධ්‍යයනය

මේ යටතේ ශාක වින් ආවරණ, ශාක උස, ශාක කඳ පරිධිය මැනීම, බිම් ආවරණ හා ජෛව ස්කන්ධ මැනීම සිදු කරනු ලබයි. 

GLOBE අධ්‍යයන ප්‍රදේශ සඳහා භූමි ආවරණ දර්ශ නියැඳි සඳහා ප්‍රමාණවත් දත්ත පවතී නම් සිතියම්කරණය කළ හැකි වේ. මෙම දත්ත සැපයීමෙන් ඔබගේ පාසල අයත් ප්‍රදේශය සඳහා දුරස්ථ සංවේදන චන්ද්‍රිකා ඡායාරූප (Remote sensing LAND sat image) ලබා ගත හැකිය.  මෙය MUC පන්ති (දර්ශ) අනුව අර්ථ දක්වා සිතියම්කරණය කරන ක්‍රම දෙක කි.

  1. අතින් සිතියම් සැකසීම
  2. MutiSpec වැඩසටහන භාවිතය (පරිගණකයෙන්)

අවසානයේ නැවත නියැඳි ස්ථාන අධ්‍යයනයෙන් නිරවද්‍යතා පරීක්ෂාව සිදු කෙරේ. සිතියම් සැකසීම එක් වරක් පමණි.


​​​​​​

  1. දත්ත වාර්තා කාරණය

මෙය කාර්යය දත්ත ගැනීම ඉටුකරන පාසලේ ක්‍රියාකාරී වගකීම කි. GLOBE වෙබ් අඩවිය වෙ අන්තර්ජාල භාවිතයෙන් සිදු කළ යුතු වේ. වැඩසටහන ආරම්භයත් සමග පාසල ලියාපදිංචි කිරීමෙන් ලැබෙන ප්‍රධාන ගුරුවයාගේ පරිශීලන නාමය හා මුරපදය යටතේ පාසල වෙනුවෙන් දත්ත ඇතුළත් කිරීම සිදු කළ හැකි ය. පාසල විසින් ක්‍රියාත්මක කරනු ලබන අධ්‍යයන ක්ෂේත්‍ර අනුව ඒ ඒ අධ්‍යයන ක්ෂේත්‍රයට නියැඳි ස්ථානය ලියාපදිංචි කිරීමෙන් පසු වායුගෝල, ජල විද්‍යා, පාංශු විද්‍යා සහ භූමි ආවරණ දත්ත ඇතුළත් කළ හැකි වේ. අන්තර්ජාලයට පිවිසීමේ පහසුකම් ඇති පරිගණකවලට අමතරව සුහුරු ජංගම දුරකථන (Smart mobile phone) වලින් ද මෙම කාර්යය ඉටු කිරීමට පහසුකම් සළසා ඇත.

  1. ව්‍යාපෘති හා පර්යේණ

 පරිසරයට අනුබද්ධ පුළුල් ක්‍රියාකාරකම් වශයෙන් සංරක්ෂණ ක්‍රියාකාරකම්, දැනුම්වත් කිරිමේ වැඩසටහන් හා පරිසර ගැටලු හා සම්බන්ධ පර්යේෂණ ආදිය කළ හැකි වේ. තම ග්ලෝබ් පරිසර දත්ත ආශ්‍රිතව ම කේවල පර්යේෂණ මෙන් ම දේශීය හා විදේශීය දත්ත හුවමාරුව මගින් සහයෝගිතා පර්යේෂණ ද කළ හැකිය. දත්ත රැස්කිරීම මගින් ජාත්‍යන්තර පරිසර ව්‍යාපෘතිවලට ද හවුල් විය හැකි ය.

  1. ඇගයීම්

නියත වශයෙන් නව දැනුම ලැබෙන අතර හිතකර ආකල්ප හා සුුහුරු කුසලතා ගොඩනැගේ. මෙය සහතික කිරීම් වශයෙන් පාසල් මට්ටමේ ඇගයීම් සහතික සිසුන් සහ කණ්ඩායම් වෙත ලබා දිය හැකි ය.

GLOBE වැඩසටහන යටතේ GLOBE Star, chief scientist hour Roll යනාදී ජාත්‍යන්තර ඇගයීම් ක්‍රම, පාසල හා සිසු කණ්ඩායම් සඳහා ක්‍රියාත්මක කෙරේ.

 

​​​​​​​